hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 23, පෙ.ව. 12:08



යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත නිදහස් කර තිබෙනවා.

ඒ වගා කටයුතු සඳහා ය.

ඊයේ(22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කර ඇති බව වාර්තා විය.

ඒ අනුව යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ඉඩම් මෙලෙස නිදහස් කර ඇත.

එමෙන්ම, අද ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උරුමය ජාතික වැඩසටහන යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ද පැවැත්විණ.

ඒ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේ දී ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: