hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 13, පෙ.ව. 12:04



මෙරට ආර්ථික වර්ධන වේගය ‘2025’ වසරේ දී 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස සිදුවන ආර්ථික වර්ධන වේගයට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ද පියවර ගන්නා බවයි, ජනාධිපති වික්‍රමසිංහ මහතා ඊයේ (12) ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් පැවසුවේ.

අපනයන ආර්ථිකයක් සමඟ රටේ ආර්ථිකය සීග්‍ර දියුණුවක් කරා ගෙන යන ගමනේදී ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බවත් ඉන් පළමුවැන්න ලෙස මහබැංකුවට ස්වාධීනත්වයක් ලබාදිමේ මහබැංකු නීතිය මේ වන විටත් සම්මත කර ගෙන ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.

රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, මෙම නීති සම්මත කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම සහාය අපේක්ෂා කරන බවත් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට සිය වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවති සැමරුම් උලෙළට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කෘතිම බුද්ධිය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාලනය කිරීමට නව නීති ගෙනඑන බවයි.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ඉරාන්ගේ ඉල්ලීමටයි මම අද ආවේ. අපිට දැන් අනාගතය ගැන සිතන්න වෙනවා. බුද්ධ දේශනයට අනුව අනාගතය දිහා බලද්දි ප්‍රධාන කරුණු දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ මාසයේ උණුසුම පෙර නොතිබුණ තත්ත්වයක්.කොහොමද ඒකට මුහුණ දෙන්නේ. මේ ප්‍රශ්නය ඇතිවුණේ ශිෂ්ඨාචාරයේ තණ්හාව නිසා දියුණු වෙද්දි පරිසරයට වෙන හානිය තකන්නේ නැති නිසා.කොහොමද දේශගුණික විපර්යාස පාලනය කරන්නේ.” “බුද්ධ දර්ශනයෙන් මුහුණදෙන්නේ කොහොමද?.තාක්ෂණයේ දියුණුව අද කෘතිම බුද්ධිය දක්වා ඇවිල්ලා. බුද්ධ දර්ශනයයි කෘතිම බුද්ධියයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?කෘතිම බුද්ධිය වැරදි මඟ යයිදැයි සිතන්න ඕනේ. කෘතිම බුද්ධියේ පාලනයට නව නීති ගේනවා. තාක්ෂණ වර්ධන කෙටුම්පතක් සකස් කළා.කෘතිම බුද්ධි මධ්‍යස්ථානයක් හදනවා. බුද්ධ දර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කරන්න. රුපියල් බිලියනයක් පමණ වෙන් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: