hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 15, පෙ.ව. 12:04



සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට දන්වා තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 03 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලනී දිසානායක මහතා එලෙස දන්වා සින බවයි පැවසෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටින්නේ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් රජයේ වාහන දෙන බවට රජය මගින් ඉදිකරනු ලබන නිවාස දෙන බවට සහ දඹදිව විදේශ ගමන් සංවිධානය කර දෙන බවට පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය වෙත දන්වා සිටින්නේ, මෙම වංචාවන් කර ඇති බවට මහනුවර, අම්පිටිය පදිංචි පින්නදූව හේවගේ රංජිත් අනුර නොහොත් ප්‍රියන්ත නමැති අයකු අනාවරණය කරගෙන ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: