hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 18, පෙ.ව. 12:04



විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කළ හැකි සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනා බවයි.

එහිදී සුමිත්‍රආරච්චි මහතා කියාසිටියේ, වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම වගකීම ද නිසි ලෙස ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එම්‍ර්න්ම රාජ්‍ය සේවකයන්ගේ කාර්ය සාධනය පිළිබඳව යම් සමීක්ෂණයක් සිදු කිරීම ද අවශ්‍යවතාව පැන නැගී ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: