hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 08, පෙ.ව. 12:03



රාජ්‍ය සේවයේ සේවා, ශ්‍රේණි භේද නොසළකා සෑම සේවකයෙකුටම රුපියල් 25,000/= ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා අද (08) සහ හෙට (09) සේවයට වාර්තා නොකිරීමට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් තීරණය කර තිබෙනවා.

ඒ සඳහා රාජ්‍ය සේවක වෘත්තීය සමිති 250කට ආසන්න ප්‍රමාණයක් ඇතුලත් බව දන්වමින් රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ජන මාධ්‍ය දැනුවත් කරමින් ලිපියක් නිකුත් කර ඇත.

එම ලිපියේ සඳහන් පරිදි හෙට දිනයේ වෘත්තීය ක්‍රියා මාර්ගය හරහා රාජ්‍යය සේවයෙන් 90% අකර්මණ්‍ය වනු ඇති අතර ඒට සහයෝගය පලකරමින් විදුහල්පතිවරු සහ ගුරුවරුද ජූලි 09 වනදා අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණීමට තීරණය කර ඇත.

එම නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: