hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 05, පෙ.ව. 12:01



මෙවර තෛයිපොංගල් උත්සවය සැමරීමෙන් පසු රාජ්‍ය සේවකයින්ට සහන සලසන සේම රටේ ස්ථාවර කිරීමෙන් සියලු ජනතාවට ආර්ථික සහන සැලසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යුද්දය හේතුවෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි බවටත් 2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදංචි කර අවසන් කළ යතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල විශේෂ සංවර්ධන සම්බන්ධීකරන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවසුවා.

උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ජනාධිපති ලේකම් සමන් ඒ්කනයක මහත්මා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම රැස්වීමට එක් වුණා.

පසුගිය වසරේ සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ශ්‍රී ලංකාව ගෙවීමට නියමිතව තිබූ සියලුම බිල්පත් ගෙවීමට හැකි වූ බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා උතුරේ ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට මෙන්ම උතුරු පලාත කෘෂිකාර්මික මෙන්ම සංචාරක අංශවලින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවලක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: