hit counter

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා

2024 ජනවාරි 07, පෙ.ව. 12:01



මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

එමෙන්ම, සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොඳින් දන්නා බව ඒ මහතා පැවසුවා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමග සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.

තව ද, පසුගිය වසරේ සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇත.

එමෙන්ම, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

මේ වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: