2026 ජූලි 13, පෙ.ව. 11:02
රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් කෙරෙහි රජය සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“දැනටමත් විවිද වෘත්තිකයින්ගේ පැත්තෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා. අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහාධිකරණයේ පමණක් නෙමෙයි සෞඛ්‍ය සේවාවේ සමහර වෘත්තිකයින්ගෙන් ඉල්ලීම් ඇවිත් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් තිබෙනවා.
තවත් වෘත්තිකයින්ගේ මේ විශ්‍රාම යන වයස වැඩි කරගන්න ඔවුන්ට තව කාලයක් වැඩ කරන්න පුළුවන් කියලා අදහසක් ඇවිත් තිබෙනවා. සමහරුන් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් රජයක් ලෙස ඒ ඉල්ලීම් සලකා බලමින් තිබෙනවා”
මීරිගම රෝහලේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
2026 ජූලි 13, ප.ව. 1:19
2026 ජූලි 13, ප.ව. 12:29
2026 ජූලි 13, පෙ.ව. 9:35
2026 ජූලි 13, පෙ.ව. 9:33
2026 ජූලි 13, පෙ.ව. 12:27
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26