2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 8:57
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාව අනුව මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යන විට රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී තිබෙනවා.
ඒ අනුව පළමු කාර්තුවේ දී මෙරට රාජ්‍ය සේවකයන් පිරිස 1,302,185 ක් වී ඇත.
එහෙත් එය දෙවැනි කාර්තුවේදී 1,165,094 ක් දක්වා අඩු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
එහි දැක්වෙන ආකාරයට පළමු කාර්තුවේ දී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස 3,808,235 ක් බවත් දෙවැනි කාර්තුවේදී එය 3,814,313 ක් දක්වා වැඩි වී ඇති බවත් සඳහන්.
තවද පළමු කාර්තුවේ දී 8,461,936 ක් වූ මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි කාර්තුවේ දී 8,491,296 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේ වුවත් තවමත් මෙරට ආර්ථික ලෙස සක්‍රීය ජනතාවට වඩා අක්‍රිය ජනතාව ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම දත්ත වාර්තාව පෙන්නුම් කරයි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26