hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 09, ප.ව. 2:43



තනතුරු හා සෘජු තීරණ ගැනීම පිළිබඳව හර්ෂ ද සිල්වා හා හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර අතර පාර්ලිමේන්තුවේදී වචන හුවමරුවක් සිදු වුණා.

ගොඩක් මිනිස්සුන්ට පැත්තකින් ඉදන්  සහයෝගය දෙනවා යැයි  කියන්න පුළුවන් වුනත් වගකීමක් ගන්න පුලුවන් කොන්දක් තියෙන එවුන්ට විතරක් යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මෙරට තුළ ප්‍රශ්නයක් වී ඇති අවස්ථාවක පටු අරමුණු ඉවත දමා රට වෙනුවෙන් එකට සිටිය යුතු බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම ආණ්ඩුව නිර්පාක්ෂික ආණ්ඩුවක් බවත් එය බොහෝ දෙනෙක් පිලි ගැනීමට අකමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විපක්ෂයට චෝදනා එල්ල කරමින් සඳහන් කළේ සහයෝගය ලබා දෙන බව පවසා කකුලෙන් අදින හිකනලි වැඩ කරන්න එපා යනුවෙනුයි.

“යම්කිසි මිනිහෙකුට කියන්න පුලුවන් ජීවිතේට මම සහයෝගය දෙනවා කියලා. ඒත් සහයෝගය දෙනවා කියන එකයි වගකීම් ගන්නවා කියන එකයි දෙකක්. ඒ වෙනස තමයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ. හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කියපු ඒ කරුණට අපි එකඟ වෙනවා. ගොඩක් අයට පිළිගන්න අකමැති වුණත් මේක නිර්පාක්ෂික ආණ්ඩුවක්. මේ නිර්පාක්ෂික ආණ්ඩුව ඇතුලේ අලුත් කමිටු සිස්ටම් එකක් හදන්න තීරණය කළා. ඒ තීරණය අනුව තමයි හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වුණේ. අදටත් එතුමාගේ නම කොතනකින්වත් ඉවත් කරලාවත්, කමිටුවට දාන්නවත් තීරණය කරලා නෑ.

වගකීමෙන් එක දෙයක් කියනවා. ගොඩක් මිනිස්සුන්ට පුලුවන් පැත්තකින් ඉදන් කියන්න අපි සහායෝගය දෙනවා කියලා. ඒත් කොන්දක් තියෙන එවුන්ට විතරයි වගකීමක් ගන්න පුලුවන්. මේ රටේ ප්‍රශ්නයක් වෙලා තිබෙන වෙලාවක, කන්න නැතිව ඉන්න වෙලාවක මේ කියන පටු අරමුණුත් එක්ක නෙවෙයි ඉන්න ඕන. රට වෙනුවෙන් වගකීමක් ගන්න එක කරන්න ඕන. යම්කිසි මිනිහෙකුට කියන්න පුලුවන් ජීවිතේට මම සහයෝගය දෙනවා කියලා. ඒත් සහයෝගය දෙනවා කියන එකයි වගකීම් ගන්නවා කියන එකයි දෙකක්. ඒ වෙනස තමයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ. නිකන් පැත්තක ඉදන් අපි සහයෝගය දෙනවා, බයවෙන්න එපා කියලා කකුලෙන් අදින හිකනැල් වැඩ කරන්න එපා කියලා විපක්ෂයට අපි  කියනවා.”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ සඳහන් කළා.

“මට කොන්දක් තියෙනවා. මම ඒ තීරණය ගත්තේ කොන්ද පාවිච්චි කරලා තමයි. ප්‍රතිපත්තියක් අනුව තමයි මම වැඩ කරන්නේ. හරීන් ප්‍රනාන්දු මහතා මගේ හොඳ මිත්‍රයා. එතුමා සමග මට කිසිදු ගැටලුවක් නෑ. එතුමා වෙනම තීරණයක් ගත්තා, අපි වෙනම තීරණයක් ගත්තා. මේවා පෞද්ගලික තීරණ. ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි, සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු. මම සියලු දෙනාගෙන් ආයාචනා කරනවා අපි එතනට යමු කියලා.”