hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 19, ප.ව. 1:07



තමා සහභාගී නොවූ බවත් එහිදී සිදු වූ දේ පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

අද (19) මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ , එම සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ තමා වෙනත් සාකච්ඡාවක සිටි බවයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවට සහභාගී වූයේ කවුරුන්දැයි තමා නොදන්නා බවත්, එම සාකච්ඡාව පිළිබඳව ඊට සහභාගී වූවන්ගෙන් විමසිය යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂය සමඟ එකඟතාවයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදී,  හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: