hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 2:27



ලෝක ආහාර සංවිධානය මගින් වතුකරයේ අඩු ආදායම්ලාභින්ට ආහාර මළු බෙදා දිම සදහා සකස් කල නාම ලේඛණය අසාධාරණ ලෙස සකස් කර ඇති බව අඩු ආදායම්ලාභි පවුල් වල සාමාජිකයන් පවසයි.

ලෝක ආහාර සංවිධානය මගින් අඩු අදායම්ලාභි පවුල් වලට, ආබාධියන්ට සහ අසරණ පවුල් වෙත මාස දෙකකට වරක් සහල් කිලෝ 50 ක්, පරිප්පු කිලෝ 20ක් සහ ෆාම් තෙල් ලිටර් 05 බැගින් පසුගිය දා බෙදා හරිනු ලැබුවා.

වසම් භාර ග්‍රාමසේවා නිලධාරිවරයා සහ ප්‍රදේශයේ සංවර්ධන නිලධාරිවරයා විසින් ලබා දුන් නාම ලේඛණයක් මත ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් එම ආහාර මළු බෙදාදීම සදහා නාම ලේඛණයක්ද සකස් කර තිබුණා.

එම නාම ලේඛණයට තම පවුලේ සාමාජිකයන් නම ඇතුලත් වි නොමැති බවත්, ප්‍රදේශයේ අඩු ආදායම්ලභි නොවන පිරිසකට වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා සහ සංවර්ධන නිලධාරිවරයා විසින් එම ආහාර මළු ලබාදී ඇති බවයි ජනතාව කියා සිටින්නේ.

එම ආහාර මළු නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා පැමිණෙන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් දැනුම් දි තිබුණද ග්‍රාමසේවා නිලධාරිවරයා හෝ සංවර්ධන නිලධාරිවරයා පැමිණ නොමැති බව අඩු අදායම්ලාභින් කියා සිටියි.

තම පවුලට එම ආහාර මල්ල නොලැබීම සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇති බව ජනතාව පැවසුවා.

මෙම ආහාර මළු මාස දෙකකට වරක් සය මසක් යන තෙක් නොමිලේ බෙදාදිමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: