2023 සැප්‍තැම්‍බර් 07, ප.ව. 3:29
ආහාර විෂවී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු රෝහල් ගතකළ බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ පයාගල පොලිසියෙන්.
මෙසේ ආහාර විෂ වී නිලධාරීන් දස දෙනකු පමණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඊයේ (06) රාත්‍රියේ හතු සමඟ රාත්‍රි ආහාරය අනුභව කළ මොහොතේ පටන් මෙම පිරිසට වමනය,බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ මතු වූ බවයි වාර්තා වෙන්නේ.
රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා මෙන්ම පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටින බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට නාගොඩ රෝහලේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයෙකු පමණක් ප්‍රතිකාර ලබන බවත් සෙසු අය ප්‍රතිකාර ගෙන ඊයේ (6) රාත්‍රියේ ම පිට වී ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11