hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 08, පෙ.ව. 12:02



අඩු ආදායම්ලාභී පවුල් 50,000කට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාවක් අනුව නාගරික නිවාස වැඩසටහන් මගින් අඩු ආදාම්ලාභී පවුල් වෙත කුලී පදනම මත ලබා දී ඇති මහල් නිවාස ඒකකවල අයිතිය නෛතිකව එම ප්‍රතිලාභී පවුල් වෙතම ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව සඳහන්.

විවිධ නිවාස ව්‍යාපාති යටතේ නාගරික සංවර්ධන අධිකාරිය,ජාතික නිවාස සංවර්ධන අධිකාරීය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු අදාම්ලාභීන් වෙත බදු සිහින,වාරික සින්න,සින්නක්කර සහ කුලී යන පදනම් යටතේ නිවාස ලබා දී තිබෙනවා.

ඒ් අනුව මාසිකව රුපියල් 3000/=ක් හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අඩු අදායම්ලාභීන් වෙත ලබා දී ඇති සියලු නාගරික නිවාස ඒකකවලින් කුලිය අය කර ගැනීම නතර කිරීමටත් ,ඒකී නිවාසවල සින්නක්කර අයිතිය ඒම අඩු අදායම්ලාභීන්ට පැවරීම සඳහා අවශ්‍ය පියවර ගැනිමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: