hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21



රන්විමන නිවාස වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභි පවුල් 06 ක් සඳහා ඉදිකෙරෙන නිවාස එම පවුල් වෙත භාරදී තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රන්විමන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ පානම ලාහුගල සහ පොතුවිල් යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් 6 ක් සඳහා නව නිවාස ඉදිකොට නිවැසියන්ට භාරදිම පසුගියදා සිදු විය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් එක් නිවසකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කෙරෙන අතර ශ්‍රම දායකත්වය ද ඇතුළුව රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා නිවසක් ලබාදිමයි සිදු විය. එමෙන්ම සෑම නිවසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින්ද පිරිනැමීම සිදුවිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: