hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 9:45



ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාව ඊයේ (11) අවධාරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනී හිමාලි අරුණතිලක මහත්මිය ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ මේ බව අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා තානාපතිනිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිය අමතමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස් අල් නෂීෆ් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී ශ්‍රී ලංකා තානාපතිනිය පෙන්වා දී ඇත්තේ එම ලිඛිත වාර්තාවේ අන්තර්ගතය තුළින් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පෙන්නුම් නොකරන බවත් ආර්ථික, මූල්‍ය සහ සමාජ ස්ථාවරභාවය පිළිබඳ අදහස් දැක්වීමේ දී පසුගිය කාලය තුළ අන්තර්ජාතික වශයෙන් සහ දේශීය වශයෙන් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත් දේශීය යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් සහ වගවීම් පිළිබඳව ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබමින් සිටින බවයි.

තවදුරටත් තානාපතිනිය ජගත් මානව හිමිකම් කවුන්සලයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා රජයේ මෙම ප්‍රතිචාරයට ප්‍රසිද්ධියක් සලසා දෙන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: