hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 04, පෙ.ව. 11:41



රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙන බවට වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මතුව ඇති හිඟය හේතුවෙන් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් ඉන්සියුලින් ආනයනයට පියවර ගනිමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පවසා සිටියා.

හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බවත් ලබන සැප්තැම්බර් මාසයේදී එම තොග මෙරටට ලැබීමට නියමිත බවත් ඔහු පෙන්වා දුන්නා.