2026 ජනවාරි 21, පෙ.ව. 12:15
2026 වර්ෂයේ ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ .
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ III සහතිකය ලබා ඇති හෝ හෙද වෘත්තියේ මාස 11ට නොඅඩු පළපුරුද්ද ඇති, වයස අවුරුදු 25-45 ත් අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අයට මෙම රැකියා සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.
ඒ වගේම මනා ඉංග්‍රිසි භාෂා හැකියාව ඇති කාර්යාංශය මගින් පවත්වනු ලබන ඉංග්‍රිසි පාඨමාලාව හදාරා ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කිරීමට හැකියාව තිබේ.
මෙම රැකියා ලාභීන්ට වසර 5ක වලංගු වීසා කාලයක් හිමිවේ.
එසේම මාසයකට රුපියල් ලක්ෂ 6ට අධික වැටුපක් උපයා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවීමට නියමිතය.
මේ වන විට එම අවබෝධතා ගිවිසුම අනුව ලාංකිකයින් 2,656 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව තිබේ.
තවද 2026 වර්ෂය ආරම්භ වී ගතවූ සති දෙකක කාලය තුළ ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 107 දෙනකු ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශයට හැකි වී තිබෙන් බව වාර්තා වේ.
2026 ජනවාරි 21, පෙ.ව. 12:31
2026 ජනවාරි 21, පෙ.ව. 12:20
2026 ජනවාරි 21, පෙ.ව. 12:12
2026 ජනවාරි 21, පෙ.ව. 12:11
2026 ජනවාරි 21, පෙ.ව. 12:07
29-11-25
29-11-25
29-06-25
29-06-25
21-05-24
21-05-24
13-05-24
13-05-24
10-05-24
10-05-24
31-10-23
31-10-23
30-10-23
30-10-23
29-10-23
29-10-23
28-10-23
28-10-23
28-10-23
28-10-23
19-10-23
19-10-23
17-10-23
17-10-23