hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2024 මාර්තු 04, ප.ව. 6:12



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු මහවැලි ගඟේ දියේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඉසුරු මදුශාන් නමැති සිසුවෙක්.

නාවලපිටිය ශික්ෂණ රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටිය දී පසුගිය 23 වනදා මෙම සිසුවා මහවැලි ගංගාවේ ගල්පොත්තවල නමැති ස්ථානයක දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී මෙම සිසුවා සැඩ පහරකට හසුව දියේ ගසාගෙන ගොස් ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් එක්ව සිසුවා ගොඩට ගෙන නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  වෛද්‍ය පීඨ සිසුවා අද (04) මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.