hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 02, ප.ව. 11:55



ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.

ඒ් ඔහු ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වන අලියකුගේ සිරුරේ ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන්.

එම අනතුරින් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර  තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමග කැබ් රථය උඩට වන අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. 

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ජැක්සන් ඇන්තනි මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන පුද්ගලයින් බව වාර්තා වනවා.