hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූනි 22, ප.ව. 5:06



ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (21) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් උතුරු පලාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමු වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

කැනේඩියානු මහකොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස් යාපනය දිස්ත්‍රීක්කයට සංචාරය කරනු ලැබුවේ දුම්රිය මගින් වන අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එලෙස දුම්රිය මගින් යාපනයට ගමන් කිරීමට පියවර ගත් බව කැනේඩියානු දූත පිරිස කියා සිටියා.

එහිදී යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා යාපනය මහ නගර සභාවේදී මහ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමු වී උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

එහිදී පැවති සාකච්ඡාවේදී රටේ පවතින වත්මන් වාතාවරණය හමුවේ උතුරේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අඩාල වී ඇති බවටත් පවතින තත්වය යහපත් අතට පත්වූ විගස නැවත උතුරේ සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවන බවට කැනේඩියානු මහ කොමසාරිස්වරයා ඇතුලු දූත පිරිසට දැනුම් දුන්නේ යැයිද යාපනය මහ නගරාධිපතිවරයා මාධ්‍යට පැවසුවා.