hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 17, ප.ව. 12:40



මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා එකී කප්පම් මුදල් ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත්තේ.

අද (16) පෙරවරු 7.10 ත් 9.00 ත් අතර කාලයේදී  බ්ලූමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බව දුරකථනයෙන් පවසා තිබූ බව  පොලිසිය කියයි.

එකී ඇමතුම අනුව පැමිණිලිකරු වන ජනක රත්නායක මහතා තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් තමන්ට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා ලබා දෙන ලෙසට සේවකයකුට දැනුම්දී තිබූ බව පොලිසිය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: