hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:19



රටේ පවතින සියලු ගැටළු වලට ස්ථිර සාර විසඳුම් ලබාදීම සඳහා තමන් ඉදිරියේ දී පියවර ගන්නා බවත් ඒ සඳහා ජනාධිපති ධූරය ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

අන්තර්ජාලය නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් අනිවාර්යෙන්ම ජනාධිපති ධුරයට පත්වන බවත් එය නතර කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇති බවත්ය.

මේ වන විටත් එහි සඳහා ආගමික නායකයන්ගේ සහ බලපෑම් කණ්ඩායම් වල ආශිර්වාදය ලැබී ඇති බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

ජනක රත්නායක මහතා පසුගිය මැයි මාසයේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කර දැමුණේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද විමසීමකින් අනතුරුවයි.

විදුලිබිල ඉහළ දැමීමට රජය ගත් තීරණ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී රජයේ මැති ඇමතිවරුන් හා ඔහු අතර මත ගැටුම් ඇති වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: