hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:32



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්යාලයට ඊයේ (02) පහර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මැරයන් බව ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි පවසයි.

අති විශාල ජනවරමක් ලැබුණු වත්මන් ආණ්ඩුව අනවශ්‍ය තැන්වලට ඇඟිලි ගසමින් නටන මේ නාඩගම කුමක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

මාලිමාණ්ඩුව මෙතරම් පහත් තැනකට ඇද වැටෙනු ඇතැයි තමන් නොසිතූ බවත් ඔවුන් ජේ.ආර්. ගිය මාවතේ යෑම ගැන දැඩි අප්‍රියතාවක් තමන් තුළ ඇති බව ද ජෙහාන් අප්පුහාමි ප්‍රකාශ කරයි.

මෙම ත්‍රාඩ මැර දේශපාලනයට එරෙහි වන ලෙස තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩුවේ ගමන මෙය නම් සොරි ඩොට්කොම් බවත් ඔහු අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ජෙහාන් අප්පුහාමි මේ බව පවසා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: