hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, ප.ව. 2:02



කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයතනයක කාන්තාවන් රාත්‍රි දහයෙන් පසුවද සේවයේ යෙදවිය හැකි බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

අදාල සංශෝධිත පනත් කෙටුම්පතට අනුව එලෙස සේවයේ යොදවා ගන්නා කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනී‍මේ පහසුකම් ඇතුළු එම කාන්තාවන්ගේ සුබසාධනයට අදාළ නියමයන් හා කොන්දේසි ආයතන හිමිකරුවා ලබාදිය යුතු වෙනවා.

ඒ, අනුව මෙලෙස සේවයේ යෙදිය හැකි වන්නේ වයස අවුරුදු 18 සපුරා ඇති කාන්තාවන්ට පමණක් වන අතර මෙම සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: