hit counter

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 12:10



රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා.

ඇයව අප්‍රේල් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා 02 වැනිදා නියම කළේ ය.

ඇය මාලිගාවත්ත – ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැගවී සිටිය දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණින.

සැකකාරිය විසින් විදේශ රැකියා ලබා දීම සඳහා බලපත්‍රයක් ලබා ගෙන රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

රුමේනියාවේ ක්ෂේත්‍ර කීපයක රැකියා ලබා දීම සඳහා ද ඇයට අවසර තිබී ඇති බව වාර්තා වේ.

නමුත් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි ලැබී ඇත්තේ ඇයට අවසර නොමැති රැකියා ක්ෂේත්‍ර සඳහා යොමු කරන බව පවසමින් සැකකාරිය මුදල් ලබා ගෙන ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇති පුද්ගලයින් 88 දෙනෙකු පිළිබඳව වාර්තා වේ.

එනම් සැකකාරියට මුදල් ලබා දී රැකියා නොලැබුණු පුද්ගලයන් ය.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණෙන ලෙස විමර්ශණ නිලධාරීන් ඇයට දන්වා තිබෙනවා.

නමුත් ඇය විමර්ශණ නිලධාරීන් ඉදිරියේ පෙනී නොසිට සැගවී සිට ඇත.

කෙසේ වෙතත්, සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ සේවය කළ කළමණාකරු සහ තවත් අයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: