hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:04



ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ ශ්‍රී ලාංකිකයන් 729 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ය.

ඉදිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා 1925 ක් සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්ව යාමට නියමිත ය.

එබැවින්, ඉන් පළමු 729 දෙනා වෙත මෙම දැනුවත්කිරීම සිදුකර ඇත.

මේ වසරේ අප්‍රේල් මස සිට මේ දක්වා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා 2083 දෙනෙකු ඊශ්‍රායලය වෙත පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.

මෙම පිරිස සැප්තැම්බර් මස අගභාගයේදී ද ඉතිරි පිරිස ඔක්තෝබර් මස තුළදී විදේශ ගත විමට නියමිත බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: