hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 02, ප.ව. 3:01



කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (01) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

ඒ අනුව විදේශයන් හී කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැණුම මෙරට ආර්ථිකය සෘජුවම දායක කරගැනීමට මෙම ඉඩම් ලබාදීම සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම වැඩසහන මගින් මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුල පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවද උදාවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව අදාල ඉඩම් ලබාදීමට ජනාධිපතිවරයාගේ පූර්ණ සහය සහ අවසරය හිමිවී දී ඇති බවත් ඒ අනුව ඊට අදාලව ඉඩම් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කර ඇති බවද හෙතෙම පැවසුවා.

ශ්‍රී ලංකාවද දකුණු කොරියාව දියුණු ආර්ථිකයක් බවට පත්වීමට අනුගමනය කළ පියවරයන් ආදර්ශයක් කරගතයුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, එරට විගමනික ශ්‍රමකයින් යලි සිය රටට පැමිණිමෙන් පසුව ව්‍යවාසයකින් බවට පත් වූ ආකාරයෙන්ම මෙරට විගමනික ශ්‍රමයින්ද යලි දිවයිනට පැමිණීමෙන් පසුව ව්‍යවසායකින් බවට පත් කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ව්‍යවාසයයින් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනයන වැඩපිළිවෙලේ කොටස් කරුවෙකු බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද පත්විය යුතු බවත් එහිදී මෙරට ජනගහනයෙන් සියයට 10ක් ව්‍යවසායකින් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම වසර තුලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩි අවධානයක් මෙරට තුල නව ව්‍යවසායකයින් බිහි කිරීම කෙරෙහි යොමු කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: