hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 12, ප.ව. 2:11



කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන මැයි මස විසිහය වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි මහත්මිය ඊයේ නියෝග කර තිබෙනවා.

ඒ අනුව කළුතර, දකුණ, ඉසුරු උයන, අංක 36 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහ යන සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ඇති.

කළුතර දකුණ ප්‍රධාන වීදිය අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝර්ක් හෝටලයේ පිටුපස රේල් පාරේ වැටී සිටියදී සොයා ගන්නා ලද ටිහාරා නිර්මානි නම් දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන පෙරේදා කළුතර ප්‍රධාන මහේස්ත් රාත්වරිය වෙත ඉදිරිපත් කොට පැය හතළිස් අටක් රඳවා තබා ගැනීමෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද නොඑසේ නම් මනුෂ්‍ය ඝාතනයක්ද මෙතෙක් නිගමනය වී නොමැති බැවින් විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේ සැකකරු හෘද රෝගයෙන් පෙළෙන බැවින් බන්ධනාගාරය තුළදී ඔහුට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසයි.

මේ අතර පොලිසිය විසින් සැකකරුට අයත් රුපියල් අනූහතර දහසක මුදල, බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර මේ වන තෙක් එම භාණ්ඩ භාර දී නොමැති බැවින්, නිවසේ ඇති කරන සුනඛයින්ද නිරාහාරව සිටින බවයි නීතිඥවරයා ගරු අධිකරණයට දන්වා සිටියේ.

කෙසේ වෙතත් දැරියගේ මරණය සම්බන්ධයෙන් ඊයේ දිනයේ සිට ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: