hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 23, පෙ.ව. 12:04



ලංකා විදුලි බල මණ්ඩලයේ ඕනෑම සේවකයෙකු ලබා දෙන ඉල්ලා අස්වීමේ ලිපි පැකිලීමකින් පිළිගන්නා ලෙස එම මණ්ඩලයට උපදෙස් දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, සිට එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්.

ලංකා විදුලිබල මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක ඉල්ලා අස්වීමට එකඟතාවය පලකර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින්, අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එලෙස ඉල්ලා අස්වන පුද්ගලයින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු සියලුම මුදල් අය කරගන්නා ලෙසටයි.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වර්ජනයේ නිරත වූ සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය පළ කරමින් මෙම සේවකයන් සිය සේවයෙන් ඉවත් වන බව මීට පෙර ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් විදුලි සේවක සංගම් රැසක් හදිසි සාකච්ඡා පවත්වමින් ඇති බව සඳහන්.

දැනට වැඩ තහනමකට ලක්ව සිටින සේවකයන් සම්බන්ධයෙන් පළමුව නීතිමය කිරිමාර්ග ගැනීමටද ඔවුන් තීරණය කර ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ, මෙම සේවකයින්ට එරෙහිව විනය හා නීතිමය පියවරයන් ඉතා කඩිනමින් ගන්නා ලෙසටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: