hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 03, පෙ.ව. 12:30



නව විදුලි සම්බන්ධතා ඇතුළු විදුලිබල මණ්ඩලයේ සේවා මහජනතාවට ලබාදීමේ දී පහසු ගෙවීමේ ක්‍රම ඇතිකරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

2024 වසරේ විදුලිබල උත්පාදනය සැලසුම, අයක්‍රමය, සේවාවල වියදම්, විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය වන ඉන්ධනවල මිල, කාලගුණික අනාවැකි වැනි කරුණු සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම උපදෙස් දීම සිදුකර ඇත.

විශේෂයෙන් නව විදුලිබල සබඳතා වෙනුවෙන් ගෙවීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් වාරිකවලින් ගෙවීම් පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා විසින් විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: