hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 21, පෙ.ව. 9:43



මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (21) වීදි සංචාරය කරනවා.

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් කුඹල් පෙරහර පස්වරු 7.10ට ගමන් ආරම්භ කිරීමට නියමිත අතර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

කුඹල් පෙරහර අද (21) සිට 25 දින දක්වා වීදි සංචාරය කෙරෙයි.

අනතුරුව රන්දෝලි පෙරහර 26 වැනිදා ආරම්භ වන අතර අවසන් රන්දෝලි මහ පෙරහර මෙම මස 30 දින වීදි සංචාරය කිරීමට නියමිතයි.

ප්‍රථම කුඹල් පෙරහර කුඩා දරුවන්ට දැක බලා ගැනීමට සැලැස්වීමෙන් ඔවුන්ගේ අපල උපද්‍රව දුරුවන බවට විශ්වාසයක් පවතින බැවින් මෙදින අති විශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා මහනුවරට පැමිණෙනු ඇතැයි පෙරහර සංවිධායකයෝ අපේක්ෂා කරනවා.