hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 19, පෙ.ව. 12:03



සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කංජීපානි ඉම්රාන් ඉතාලියේ දී බෝට්ටුවක දැමූ බව කියන සාදයේ ඡායාරූප ඉදිරි සතියේ දී ජාතික පුවතක් පතක පළ වීමට නියමිතව තිබෙනවා.

අදාළ පුවත මීට පෙර වාර්තා කළ මාධ්‍යවේදීයා මේ බව ප්‍රකාශ කර තිබූ බවයි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා අනාවරණ කර තිබුණේ.

කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව ඉතාලියේ දී සාදයක් දැමූ බවට පුවතක් වාර්තා වුණා.

ඊට කොළඹ අපරාධ කොට්ඨාසට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් පරීක්ෂකවරයකු සහභාගී වූ බව ද එහි සඳහන්.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට හැඟවුණේ, ජීවිත ආරක්ෂාව සඳහා බව පවසමින් මෙරටින් ප්‍රංශය බලා ගිය කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාටයි.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික YouTube නාලිකාවක් සමඟ අදහස් දක්වමින් අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළා.

මෙම පොලිස් පරීක්ෂකවරයා පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ ලිපිය පළ කළ මාධ්‍යවේදීයා සම්බන්ධ කරගැනීමට තමන් උත්සහ කළ ද ඔහු ප්‍රතිචාර නොදැක්වූ බව පොලිස් පරීක්ෂකවරයා කියා සිටියා.

කෙසේ වෙතත් තම බිරිඳගේ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් අදාළ මාධ්‍යවේදීයා ප්‍රකාශ කර ඇත්තේ, එම සාදයට අදාළ ඡායාරූප ලබන සතියේ දී පුවත් පතෙහි පළ කරන බවයි.

එ‍හි සඳහන් “ඒ IP මේ IP නොවන බව” ද අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී දුමින්ද ජයතිලක මහතා අනාවරණ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: