hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 මැයි 03, ප.ව. 4:33



 ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බව ගුවන් තොටුපොළ විවිධ ආරක්ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කළේය .

05/03 දින උදෑසන 11.26 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එම ගුවන් යානය තුළ සැක කටයුතු ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ තිදෙනෙකු පැමිණෙණ බවට තොරතුරක් ඉන්දියාවේ චෙන්නායි නුවර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත 05/03 දින දහවල් 12.16 ට විනාඩි 50 ක් ප්‍රමාද වී ලැබී තිබේ .

එසේම පැමිණෙන පිරිසගේ ගමන් බලපත්‍ර අංක , ජායාරූප කිසිවක් ගුවන් තොටුපොළ වෙත එවා නොමැති , අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ . 

එමෙන් මෙම සැක කටයුතු පිරිස 06 නැතිනම් 07 දෙනෙකු ලෙසද කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ වලට සම්බන්ධ විවිධ පාර්ශව සදහන් කළහ .

කෙසේ වෙතත් මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ වෙත ලද පසුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් , ශ්‍රි ලංකා ගුවන් හමුදා නිලධාරීන් , ශ්‍රි ලංකා පොලිසියේ නිලධාරීන් යුධ හමුදා , සිවිල් ආරක්ෂක සේවා සහ බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව  , ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබූ අතර , එහිදී සැක කටයුතු කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වේ .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: