hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 17, ප.ව. 7:16



අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා.

ඔවුන් පවසන්නේ,අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නොමැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවයි.

2024 වර්ෂයේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වනවිට අන්තර්ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර මෙම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව කොරියානු HRDK ආයතනය ද නිල වශයෙන් තහවුරු කර ඇති බවද කාර්යාංශය අවධාරණය කරන අතර එම ව්‍යාජ Google Forms වෙත ඔබගේ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අදාල කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ,2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු EPS විභාගය සම්බන්ධ උපදෙස් විස්තර මත පමණක් පදනම්ව කටයුතු කරන ලෙසයි .

කෙසේ වෙතත් එහි පළකර ඇත්තේ අයදුම්පත්‍රයට අදාළ උපදෙස් පමණක් වන අතර නිල අයදුම් පත්‍රය පෙබරවාරි 26 සිට 29 දක්වා www.slbfe.lk හි පමණක් පළ කෙරෙනු ඇති.

වැඩි විස්තර 1989 අමතා ලබාගත හැකි අතර වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: