hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 04, පෙ.ව. 4:31



බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ සහ තවත් රෝහල් රැසක නේවාසික රෝගීන්ට රෝහලෙන් ලබා දෙන ආහාර වල හිගයක්ද පවතින බවට මේ දිනවල පුවත් පැතිර යනවා.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් වල පවා මෙම තත්ත්වයන් උද්ගතව ඇති බව සඳහන්.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන්ට උදෑසන ලබාදුන් කිරි තේ එක ද මේ වනවිට නතර කර තිබෙනවා.

පසුගිය දිනක කරාපිටිය ශික්ෂණ රෝහලේ ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් උදෑසන ආහාර වේල නතර කිරීමට පියවර ගෙන තිබූ අතර, පසුව එය යථා තත්ත්වයට පත් කෙරුණේ වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන්.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂක ජී.විජේසූරිය මහතාගෙන් විමසීමක් සිදු කළා.

එහිදී අධ්‍යක්ෂකවරයා මෙසේ අදහස් දක්වා සිටියා,

“යම් කිසි කෙනෙක් මේ අවස්ථාවේදී තියෙනවා වූ අඩුපාඩුවක්, දුර්වලකමක් හුවා දක්වමින් අනිසි ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒක එතරම් හොද දෙයක් නෙවෙයි. ඒ වගේම රටට යම්කිසි සේවාවක් සපයන ආයතනයක් අපහාසයට, නින්දාවට ලක් කරනවා නම් ඒකත් හොද කාරණාවක් නෙවෙයි. අපි සෑම කෙනෙක්ම දන්නා කාරණාවක් තමයි මේ දිනවල රටේ යම්කිසි ආකාරයක ආහාර අර්බුදයක් තියෙනවා. ඖෂධ අර්බුදයක් තියෙනවා. තෙල් අර්බුදයක් තියෙනවා. ගෑස් අර්බුදයක් තියෙනවා. නමුත් මේ මොන අර්බුදය තිබ්බත් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවෙකුට ලබා දෙන ආහාර අපි කිසි අවස්ථාවක ලබා නොදී ඉදලා නැහැ. කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ මේ ප්‍රචාරයන් වලට. එම නිසා කරුණාකරලා මේ රාජ්‍ය සේවාවන් විවේචනය කිරීමට වඩා මම හිතනවා මේ අවස්ථාවේදී උදව් කරනවා නම් ගොඩක් හොදයි.”