2026 මැයි 30, පෙ.ව. 12:14
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මෙරට පැවති 70%ක උද්ධමනය, වර්තමානය වන විට 5%කට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමට තමන්ට හැකි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වර්තමාන ආර්ථිකය යළි ගොඩනගා ඇති බැවින් ජනතාවට මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වන තර්ක අසත්‍ය බවයි.
ලෝක දේශපාලන කුණාටු සහ යුධමය තත්ත්වයන් වැනි විවිධ බාහිර අභියෝග මධ්‍යයේ වුවද, උද්ධමනය මෙලෙස පහළ මට්ටමක පවත්වාගෙන යාම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත්, එය ඉතා සාධනීය ජයග්‍රහණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දක්වමින් නිපුණආරච්චි මහතා කියා සිටියේ, රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යන විට ආර්ථික අවශ්‍යතාව මත මහ බැංකුවේ නිර්දේශයන්ට යටත්ව මුදල් නිකුත් කිරීමට සිදුවන බවයි.
මෙය හුදෙක් මුදල් මැවීමක් නොවන බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ සිදු වූ ආකාරයට මුදල් අච්චු ගැසීමක් වර්තමානයේ සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සියලු කටයුතු විධිමත් මූල්‍ය පටිපාටියක් අනුව සිදුවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
2026 මැයි 30, පෙ.ව. 12:19
2026 මැයි 30, පෙ.ව. 12:18
2026 මැයි 30, පෙ.ව. 12:17
2026 මැයි 30, පෙ.ව. 12:14
2026 මැයි 30, පෙ.ව. 12:05