hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් 22, ප.ව. 12:04



තමන් සියල්ල දෙස බලා සිට සුදුසුම වෙලාවට පහර දෙන බවත්, දැනටමත් එක් පාර්ශ්වයකට එලෙස පහර දී ඇති බැවින් සෙසු පිරිස ද පරිස්සම් විය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

පවතින දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා කරුණු හතරක් පදනම් කරගනිමින් ජනතාව මෙම බලය ලබා දී ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා, එහිදී වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

“අපි අහගෙන ඉඳලා ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට ෂොට් එක දෙනවා. දැන් එකෙකුට දීලා තියෙන්නේ. ඉතිරි එවුනුත් පරිස්සමෙන් හිටපල්ලා. කියන ඒවා ඇත්ත කියපල්ලා එච්චරයි. ඒ ඇත්තවලට අපි උත්තර දෙන්නම්.”

තමන්ට එල්ල වන අපහාස සහ අසත්‍ය චෝදනා හමුවේ නිහඬව නොසිටින බව පැවසූ අමාත්‍යවරයා, වැරදි කරන කිසිවෙකුට “සමාව දීමේ අයිතිය” යටතේ සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: