hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 12, පෙ.ව. 11:53



ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින්  ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවද සේමසිංහ මහතා කර සිටියා.

ඔන්ලයින්  ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේමසිංහ මහතා මේ බව සඳහන් කළා.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන තිබෙන්නේ යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීයා සිටියා.