hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 22, ප.ව. 12:34



ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළ බවට ගායන ශිල්පිනි උමාරා සිංහවංශට චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කළ අතර ඔවුන් පෙන්වා දෙන්නේ උමාරා සිංහවංශ ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බවයි.

ඒ අනුව ‍ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා.

අදාල කමිටුව පත් කරනු ලැබුවේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වන අතර මෙම කමිටුව විසින් උමාරා සිංහවංශ ගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

එහිදී, ව්‍යවස්ථාව අනුව ජාතික ගීය පද මාලාව මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු වුවත් ඇය එය උච්ච ස්වරයෙන් ගායනා කර ඇති බවත් විමර්ශකයන් තහවුරු කරනවා.