hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 09, ප.ව. 12:27



සහල් හිඟයක් ඇති වෙනවා යැයි කිසිම බියක් ඇති කර ගන්න එපා යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) පැවසුවා.

මුලදී තත්ත්වය නරක වුනත් දැන්  හොඳ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව කී අමාත්‍යවරයා මේ වන විට හෙක්ටයාර හාර ලක්ෂ 47000ක් බිම් සැකසීම් සිදුව තිබෙන අතර එය පසුගිය කන්නයන් සමඟ සසඳන විට හොඳ තත්වයක් බවද සඳහන් කළා.

සහල් හිඟයක් ඇති වෙන්නේ නම් ඒ අවුරුද්දේ අවසාන දවස් කීපයකට පමණක් බවත් ඒ හිඟයටත් අවශ්‍ය සහල් මිලදී ගැනීම සඳහා වෙළෙඳ  ඇමති ඇනවුම් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.