hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2025 ජනවාරි 30, පෙ.ව. 12:17



මේ අවස්ථාවේ රට මුහුණ දෙන පොල් හිඟයට වර්තමාන ආණ්ඩුවට චෝදනා කිරීම නිවැරදි නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභික, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පොල් ප්‍රශ්නයට මූලික හේතුව මහ පරිමාණයෙන් පොල් නිෂ්පාදන අපනයනය බවයි. පසුගිය වසරේ පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් උපයා ගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ආණ්ඩුවට එරෙහිව තමන් අසාධාරණ විවේචන නොකරන බවයි, මහින්ද පතිරණ සඳහන් කළේ.

කෙසේ වුව ද මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති සහල් අර්බුදය සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව විසින් නිර්මාණය කරගත් ප්‍රශ්නයක් බව ද ඔහු අවධාරණය කරයි.

මහින්ද පතිරණ මේ බව ප්‍රකාශ කළේ, සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: