hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 08, ප.ව. 3:29



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම සැකකාරියව අද බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළා.

එහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇයව හෙට (09) දිනයේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: