hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 10:39



පශු සම්පත් අමාත්‍යාංශය යටතේ පාලනය වන මිල්කෝ පෞද්ගලික සමාගම ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි කෘෂිකර්ම ඇමැති  මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස්දී තිබෙනවා.

ආර්ථික පසුබැස්මක් තිබුණත් පසුගිය වසරේ ඇතැම් මාසවලට සාපේක්ෂව මෙම  වසරේදී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට මිල්කෝ  සමාගමට හැකි වී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙම වසර අවසාන වන විට අඩු තරමින් රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය ඇමැතිවරයාට දැනුම්දී තිබෙනවා.

පසුගිය ජූලි මාසයෙන් පසු සෑම මාසයකම රුපියල් මිලියන 20-30 අතර මට්ටමින්  ලාභ උපයා ඇති අතර මෙම වසරේ අගොස්තු මාසය වනවිට  රුපියල් මිලියන 7,774ක ආදායමක් උපයා ඇති බවද එම සමාගම පෙන්වාදී තිබෙනවා.

දැනට මෙරට  තුළ කිරි ගවයන් බෝ කිරීම සඳහා මවු සතුන්ගේ හිඟකම දැඩිව බලපා ඇති නිසා ඉන්දීය රජය මඟින් කිරි ගවයන් ලබා ගැනීමට  ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ සමඟ සාකච්ඡා කළ  අතර එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවද කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තානයෙන්ද කිරි ගවයන් ලබා ගැනීම සඳහා මෙරට පාකිස්තානු තානාපතිවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට පියවර ගැනීමට නියමිත බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු වන පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: