hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 04, ප.ව. 1:02



රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූවා.

අගරදගුරුතුමන් මේ බව මීගමුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළා.

නිවාස නැති පවුල් සිටියදී නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඩොලර් සෙවීම සඳහා අධි සුඛොපභෝගී නිවාස ඒකක තුනක් ක් හදලා විදේශිකයින්ට විකුණා ඇතැයි කී කාදිනල්තුමෝ එම අමාත්‍යංශය තියෙන්නේ විදේශිකයින්ගේ ඕනෑ-එපාකම් පිරිමහන්නදැයි තමන් ප්‍රශ්න කරන බව ද සඳහන් කළා.

එවන් අයට ඡන්දය දී නිවාස ඉදිකර දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කරන්නට එපා යැයි ද කාදිනල්තුමෝ කියා සිටියා.

‘ජනතා ප්‍රශ්න විසදන්න බැරි දේශපාලනඥයෝ ගෙදර යන්න ඕනේ’ යැයි ද කොළඹ අගරදගුරුතුමෝ පැවසූවා.

“ඉස්සර තිබුණා කොට්ඨාස ක්‍රමයක්. ඒ ක්‍රමයට අපි මන්ත්‍රීවරයෙක්ව පත් කළාම ඔහු බලනවා පුළුවන් තරම් ඔහුගේ ප්‍රදේශයේ ජනතාව ගැන. දැන් එහෙම එකක් නෑ. මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද හොයන්න යන්න ඕනේ. ඡන්දෙ දීපු මිනිස්සු ආපුවාම එළවගන්නවා. ආදරණීය ජනතාවනී.. දෙන්න එපා මේ අයට ඡන්දය. ඡන්දය දෙන්න ඕනේ මේ රටේ ජනතාව ගැන සංවේදී තත්ත්වයකින් කටයුතු කරන්න පුළුවන් නායකත්වයකට පමණයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: