hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 21, පෙ.ව. 10:41



පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් සපිරෙන අද දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ අදහස් දක්වා සිටියා.

පාස්කු ප්‍රහාර මාලාව පිටුපස ඉස්ලාමීය අන්තවාදයට එහා යන මහා කුමන්ත්‍රණයක් තිබු බවට හෙළිදරව් වෙමින් තිබෙන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියා.

පාස්කු ප්‍රහාරය සිදු වූ පසු එකල ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී මාධ්‍යට දුන් පිළිතුර වන “ඔව් අපි මේ ප්‍රහාරය ගැන දැන සිටියා. එහෙත් මේ තරම් දරුණු ප්‍රහාරයක් වෙයි කියලා සිතුවේ නැහැ” යන වදන් වලින් පවා තමන් වගකීම ඉදිරියේ බරපතල ලෙස නොසලකා හැරීමක් සිදු කළ බවද ප්‍රසිද්ධියේ පිළිගෙන තිබියදීත් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීම මියගිය සැදැහැවතුනට හා අන් අයට මෙන්ම තුවාල ලද අයට නීතිපති දෙපාර්තම්න්තුව සහ රජය කළ අපහාසයක් බවද කාදිනල් හිමියන් සඳහන් කළා.

සහරාන් අත්අඩංගුවට නොගැනීම තුලින් හිටපු ජනපති තම ක්‍රියාමාර්ග අතපසු කරවා ඇති බව එහිදී කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නා.

කාදිනල් හිමියන් වැඩිදුරටත් සඳහන් කලේ, එහා මෙහා යන නයි රෙද්ද අස්සේ ද ගන්න එපා යයි කියමින් සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකිරීම කතෝලික ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතු වන කාරණයක් බවයි.

එසේම මේ කරුණු ගැන නෑසුණු කන් ඇතිව සිටීම කතෝලික ජනතාව හෙලා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළා.