hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:01



හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පළඳින ලෙස වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉල්ලීමක් කරයි.

දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාව වෙත මෙම දැනුම්දීම ඉතා වැදගත්වනු ඇත.

විදේශ සංචාරවලදී අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බව ඔහු සඳහන් කර සිටියා.

එමෙන් රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා මේ දිනවල පරීක්ෂා කරගෙන යන බව ම රටේ කොවිඩ් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා පවසයි.

නව වෛරස ප්‍රභේදය පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී ස්ථීර වශයෙන්ම දැනගත හැකිවන බවද ඔහු සඳහන් කර සිටියා.

කොවිඩ් දැන් මතුවන්නේ සෙම් ප්‍රතික්ෂාව වැනි පොඩි අසනීප තත්වයක් ආකාරයට බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි .

කොවිඩ් ජාන විශ්ලේෂණ අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය හමුවී නැතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: