hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 09, පෙ.ව. 9:20



පවතින දැඩි ඖෂධ හිගය උතුරේ රෝහල් වෙතටද බලපා ඇති අතරම නිවෙස්හි ඇති කරන සුරතල් සතුන් මෙන්ම අයාලේ යන සුනඛයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට උතුරු පලාත් මහජන සෞඛ්‍ය නිලධාරීන් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම සුනඛයින් සහ බළලුන් සපා කෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදු කරන ජලභීතිකා එන්නත ඇතුලු ඖෂධ වර්ගවල දැඩි හිගයක් පවතින බැවින් ජනතාව මේ දිනවල ප්‍රවේශමෙන් කටයුතු නොකරන්නේනම් ජීවිත අවධානම් දක්වාද වර්ධනය විය හැකි බව සෞඛ්‍ය නිලධාරීන් විසින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් නිවසේ ඇති කරන සුරතල් සතුන් වෙනුවෙන් අවශ්‍ය කෙරෙන එන්නත් හැකි ලෙසින් ලබා දිය යුතු බවටත් වෙනදාට වඩා සුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් වී පවතින අවධානම් තත්වය මඟහරවා ගැනීමට ජනතාව අවධානය යොමු කලයුතු බවටද දැනුම් දී තිබෙනවා.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ ඇතුලු උතුරේ පිහිටි මූලික රෝහල් රැසක බාහිර රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ වර්ග හිග වීම හේතුවෙන් අදාල ඖෂධ ෆාමසි හරහා අධික මුදලකට රෝගී ජනතාවට ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මෙන්ම ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.