hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 මාර්තු 08, පෙ.ව. 12:26



ඉතිහාසයේ සෞඛ්‍ය සඳහා වෙන් කළ වැඩිම ප්‍රතිපාදනය ලෙස රු. බිලියන 604ක් මෙවර අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන්කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට ලබා දී ඇති සහන සහ විදුලි බිල අඩු කිරීම පදනම් කරගෙන ජනතාවට දැනෙන මුදලකින් ඖෂධ මිල පහත දැමීමට හැකිවනු ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

එලෙස ඖෂධ මිල අඩු කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යංශ වැයශීර්ෂ විවාදයට අමතමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: