hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 2:22



කාලගුණ විද්‍යා අනාවැකිකරණයේදී ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවයක් පැවතියද වර්ෂ15කට ආසන්න කාලයක සිට එම පද්ධතිය නොමැතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ විද්‍යා අනාවැකි හා පුරෝකථන ලබාදී ඇති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.

ඩොප්ලර් රේඩාර් පද්ධති පුත්තලම හා පොතුවිල් කාලගුණ මධ්‍යස්ථාන භුමියේ ස්ථාපනය කිරිම සඳහා රුපියල් මිලියන 513.78ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණා.

මෙකී ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගතවී (2017 – 2021) වසර හයක් ගතවී ඇතත් රේඩාර් පද්ධතියේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කොට නොතිබුණි.

උපකරණවල මිල ගණන් ඉහළ යාම නිසා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවිම මත ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කර නොතිබූ බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

2022 වර්ෂයේ මැයි මාසයේ දී ජයිකා ආයතනය විසින් රේඩාර් පද්ධති 02ක් වෙනුවට එක් පද්ධතියක් පමණක් ස්ථාපනය කිරිමට එකඟතාවය පළකොට ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සදහන් කළද එය නිල වශයෙන් දන්වා ඇති බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවූ බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: